දැලක පැටලුන උනහපුලුවා


දුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් ඊයේ (18දා) පස්වරුවේ වාර්තා විය.

 මෙම උනහපුලුවානිවසක එල්ලා තිබූ මාලළු දැලක පැටලී ඇත. පසුව එම නිවැසියන්ගේ දැනුම්දීම පරිදි තරුණයකු මෙම සතාගේ  දිවි බේරාගෙන අත් වල සියුම් තුවාල පැවතීම නිසා වනයට මුදා හැරීම් සිදු නොකොට සතාගේ ජීවිතය ආරක්ෂා කිරීමේ අදහස ඇතිව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට ගෙනැවිත් භාරදීම්ට කටයුතු කළේය.

ඒ අනුව මෙම උණහපුලුවා ඉතා ආරක්ෂිතව සීගිරිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට භාර කිරීමට කටයුතු කළ අතර ආරක්ෂිත කුටියක රඳවා උනහපුලුවා  මින්නේරිය ගිරිතලේ සත්ත්ව සායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට පිය පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු පවසති.

 



Recommended Articles